Wednesday, August 3, 2016

ඔරන්ඔටන් සත්වයන් මිනිසුන්ගේ හඬ අනුකරණය කරන බවට නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.



ඔරන්ඔටන් සත්වයන් මිනිසුන්ගේ  හඬ අනුකරණය කරන බවට නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා. 
 
මෙමගින් මිනිසුන්ගේ හඬ පරිණාමය වු ආකාරය පිළිබඳ තොරතුරු අනාවරණ කර ගැනීමට හැකිවනු ඇති බවයි සමීක්ෂණය සිදුකල ඇමස්ටර්ඩෑම් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් විශ්වාසය පළකරන්නේ. 

රොකි නම් ඔරන්ඔටන් සත්වයකු යොදා ගනිමින් කල පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ එම සත්වයාට මිනිසුන් පිටකරන ශබ්ද 500 කට වැඩි ප්‍රමාණයක් අනුකරණය කිරීමට හැකියාව ඇති බවයි.
එමෙන්ම මිනිසුන්ගේ ශබ්දවලට සමාන නව ශබ්ද පිටකිරීමට ද ඔරන් ඔටන් සත්වයාට හැකියාව ඇති බව මෙහිදී හෙළිවී තිබෙනවා.
මිනිසුන් ස්වයං අධ්‍යයනයෙන් හඩ හුරුවන්නට ඇති බවට විශ්වාස කෙරුණු අතර විද්‍යාඥයන් මීට පෙර විශ්වාස කරනු ලැබුවේ  මිනිසුන්ගේ හඩ අනුකරණය කිරීමට වානර වර්ගයේ සත්වයන්ට නොහැකි බවයි.
එබැවින් මෙම සොයා ගැනීම ඉවත දැමිය නොහැකි කරුණක් බව විද්‍යාඥයන් සඳහන් කර තිබෙනවා.
ඇමස්ටර්ඩෑම් සරසවියේ විද්‍යාඥයන් පෙන්වාදී ඇත්තේ පරීක්ෂණයට යොදාගත් ඔරන්ඔටන් සත්වයා මිනිසුන්ගේ හඬ සම්පුර්ණයෙන්ම පාහේ අනුකරණය කල බවයි.


Superbook පරිගණකය


ස්මාර්ට් දුරතථනය ලැප්ටොප් පරිගණකයට සම්බන්ධ කිරීමෙන් දුරකථනයෙන් සිදු කරන කාර්යයන් සියල්ල සිදු කළ හැකි ලැප්ටොප් පරිගණකයක් හදුන්වා දීමට  Andromium සමාගම සමත් වෙලා තිබෙනවා
 
මෙසේ ලැප් එකට දුරකථකය සම්බන්ධ කිරීමෙන් දුරකථනයේ මෙහෙයුම් පද්ධතිය (OS)සම්පූර්ණයෙන් ලැප්ටොප් පරිගණය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට හැකියාවක් මෙම පරිගණකය ඔස්සේ ලැබෙනවා.
 ඒ අනුව  ලැප් එකයි ස්මාර්ට් ෆෝන් එකයි දෙකම එකක් බවට පත් වන බවයි සඳහන් වන්නේ.
Superbook නමින් හඳුන්වන මෙම පරිගණකයට ස්මාර්ට් දුරකථනය හා සමාන බලයක් පවතින අතරඕනෑම මෙහෙයුම් පද්ධතියක් තිබෙන ෆෝන් එකක් මේ Superbook එකට සම්බන්ධ කිරීමේ හැකියාව පවතිනවා.