අල්ලස හා දූෂණය
අල්ලස යනු කුමක්ද?
අල්ලස යනු නිල රාජකාරී කටයුතු ඉටු කිරීමේදී රජයේ නිලධාරියෙකු වෙත ලබා දෙන හෝ රජයේ නිලධාරියෙකු ඉල්ලනු ලබන ඕනෑම ආකාරයක තුටු පඬුරකි.
තුටු පඬුරක් යනු කුමක්ද?
චංචල හෝ නිශ්චල දේපල, මානසික සන්තර්පනය, යම් ධූරයක්, රැකියාවක්, කොන්ත්‍රාත්තුවක්, ඕනෑම ආකාරයේ ගෙවීමක්, සේවාවක්, ලිංගික ප්‍රතිලාභයක් තුටු පඬුර යන්නට ඇතුලත් වේ
රජයේ නිලධාරියා යනු කවරෙක්ද?
වැටුපක් ලබමින් හෝ නොලබමින්, රජයේ තනතුරක් දරමින්, රජයේ කාර්යයන් ඉටුකරනු ලබන තැනැත්තකු මින් අදහස් වේ.
අතරමැදියෙකු මාර්ගයෙන් සන්තොෂමක් ඉල්ලා සිටීම හෝ පිළිගැනීම වරදක්ද?
ඔව්, යම් තැනැත්තකු, තම දැනුවත්භාවයෙන් හෝ කැමැත්ත සහිතව, ඍජුව හෝ වක්‍රව වෙනත් අයෙකු තමා වෙනුවෙන් කටයුතු කරමින් තුටු පඬුරක් ඉල්ලා සිටීම හෝ ලබා ගැනීම වරදකි.
වත්කම් එකතුකිරීමෙහි වරද කුමක්ද?
යම් තැනැත්තකුගේ දැනගත් ආදායම් හෝ ලැබීම් මාර්ගයකින් හැර වෙනත් ආකාරයෙකින් මුදල් හෝ දේපල රැස් කරන්නේ නම් එම තැනැත්තා විසින් ඊට පටහැනිව කරුණු ඔප්පු කරනු ලබන තෙක් එකී මුදල් හෝ දේපල අල්ලස් මාර්ගයෙන් රැස්කළ බවට සලකනු ලැබේ.
දූෂණයක් යනු කුමක්ද?
රජයේ නිලධාරියෙකුව සිටිමින් සිතාමතාම හෝ දැනුවත්භාවයෙන් යුතුව රජයට හෝ වෙනත් තැනැත්තකුට වැරදිසහගත හා නිත්‍යානුකූල නොවන අයුරින් පාඩු සිදුකිරීම හෝ තමන්ට හෝ වෙනත් තැනැත්තකුට වැරදිසහගත හෝ නීත්‍යානුකූල නොවන ප්‍රතිලාභයන් ලබා ගැනීම මින් අදහස් වේ.
දඩුවම් මොනවාද?
අල්ලස සදහා
වසර 7 කට නොවැඩි බරපතල වැඩ සහිත සිර දඩුවම්
රු.5,000/-ට වැඩි නොවන දඩයක්
තුටු පඬුරෙහි වටිනාකම
වත්කම් සදහා
ඉහත දඩුවමට අමතරව අල්ලස් මාර්ගයෙන් ලබා ගත් මුදලට අඩු නොවන දඩයක් හා එම මුදල මෙන් තුන් ගුණයකට වැඩි නොවන දඩ මුදලක්
අත්පත්කරගත් දේපල රාජසන්තක කිරීම
දූෂණ සදහා
වසර 10කට වැඩි නොවන බන්ධනාගාරගත කිරීමක් හෝ රුපියල් ලක්‍ෂයකට නොවැඩි දඩමුදලක් හෝ අදාල දඩුවම් දෙකම
වෙනත් විපාක තිබේද?
රාජ්‍ය සේවයෙන් පහ කිරීම
රාජ්‍ය සේවයේ තනතුරකට නුසුදුසු වීම
වසර 7කට පාර්ලිමේන්තු මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ මන්ත්‍රීවරයෙකු වශයෙන් පත් වීමට නුසුදුසු වීම
වසර 5කට පලාත් පාලන මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ සභිකයෙකු ලෙස පත් වීමට නුසුදුසු වීම
රාජ්‍ය නිලධාරීන් සිය වත්කම් හෙලිකිරීමට නීතියෙන් බැදී සිටීද
ඔව්. රජයේ නිශ්චිත සේවාවන්හි නිලධාරින් සෑම වසරකම ජුනි 30වන දින වන විට එම වසරේ මාර්තු 31වන දිනට අදාල වත්කම් හා බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
1975 අංක 1 දරන වත්කම් හා බැරකම් නීතියෙහි ප්‍රකාශිත වැරදි මොනවාද?
යම් පුද්ගලයෙකු
ප්‍රකාශ ඉදිරිපත් නොකරන්නේ නම්
වැරදි තොරතුරු සපයන්නේ නම්
සිතාමතා තොරතුරුමගහරින්නේ නම්
අල්ලස් කොමිෂන් සභාව වෙත ඉල්ලා සිටින තොරතුරු සැපයීමටඅපොහොසත් වන්නේ නම්
මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වන නඩු විභාගයකින් වරදකරු කළවිට රු.1,000/-කට නොවැඩි දඩ මුදලකට හෝ බන්ධනාගාරගත කීරීමකට හෝ එකී දඩුවම් දෙකටම හෝ යටත් කළ හැක.
අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිසමේ වෙබ් පිටුවෙන් උපුටා ගන්නා ලද්දකි
https://sinhala.ciaboc.gov.lk/contact/faqs
No comments:
Post a Comment