Saturday, June 30, 2018
අල්ලස හා දූෂණය
රාජ්‍ය ආයතනවලින් ජනතාවට සිදුවන හිරිහැර පීඩා මෙන්ම ඒවාට සම්බන්ධ දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් ඇතුලු අල්ලස් හා දූෂණ චෝදනා පිළිබඳව පැමිණිලි කිරීමට ප්‍රබල හා ශක්‌තිමත් ආයතනයක් අවශ්‍ය බවට ඉන්දියාවේ ප්‍රකට සමාජ ක්‍රියාධරයකු වන අන්නා හසාරේ විසින් ඉන්දියාවේ ගෙන යන අරගලයේ රස්‌නය දැන් ශ්‍රී ලංකාවට ද වැදෙමින් තිබේ. පසුගිය දිනවල මේ රටේ අල්ලස් හා දූෂණ මැඬලීමේ නීතිරීති අරභයා සිදුවූ විවේචන අපගේ එම නිගමනයට හේතු විය. කෙසේ වුවද එය යහපත් ප්‍රවණතාවකි. ඉන්දියාවට පමණක් නොව ලෝකයේ කිසිම රටකට දූෂණය, වංචාව නාස්‌තිය මෙන්ම අල්ලස සමඟ ඉදිරියට යා නොහැකි බව ඉතා පැහැදිලි සත්‍යයකි. අල්ලස දූෂණය යනු සමාජය විනාශ කරන පිළිකාවකි. එනිසා ඒවා මැŽමට මෙන්ම එබඳු සමාජ දූෂිතයන්ට එරෙහිව දැඩි දඬුවම් ලබා දීමද අත්‍යාවශ්‍යය. කිසියම් රාජ්‍යයක පාලකයෝ දූෂිතවද, අධාර්මිකවද ක්‍රියා කරත් නම් ඒ රාජ්‍ය පමණක් නොව එහි මුළු මහත් ජනතාවම දූෂිත හා දුක්‌ත තත්ත්වයකට පත්වනු නොවැළැක්‌විය හැකි බව මෙයට වසර දෙදහස් ගණනකට පෙර වැඩ විසූ බුදුන් වහන්සේද පෙන්වා දී තිබේ. කෙසේ හෝ ඉමහත් සංවර්ධන පිපාසයකින් පෙළෙන ශ්‍රී ලංකාවෙන්ද අද නිබඳව ඇසෙන්නේ දූෂණ හා නාස්‌තිය පිළිබඳවය. අල්ලස් හා අක්‍රමිකතා පිළිබඳවය. දේශපාලන වේදිකාවලින්ද ඇසෙන්නේ මේ සමාජ විරෝධී ක්‍රියාකාරකම් මැඬලීමට ප්‍රමාණවත් නීති පද්ධතියක් හෝ ආයතන ව්‍යqහයක් හෝ අපට නොමැති බවය. බොහෝ පාලකයෝ දූෂණ, වංචා, නාස්‌තිය හෝ අල්ලසට එරෙහිව ක්‍රියා කිරීමට උදාසීන වෙතියිද කියති. එය ඉඳුරා සත්‍යයක් නොවූවද පාලකයන්ගේ දේශපාලන ව්‍යාපෘති මගින් බොහෝ විට එබඳු දේවල් සිදුවන ආකාරයද රහසක් නොවේ. ශ්‍රී ලංකාවේ එබඳු ආන්දොaලනාත්මක ගනුදෙනු ක්‍රියාකාරකම් ගණනාවක්‌ම තිබේ. කුප්‍රකට හෙජින් ගනුදෙනුව, බාල පෙට්‍රල්, බාල සිමෙන්ති, මහා පරිමාණ වැට් බදු වංචාව, ක්‍රිකට් මූල්‍ය අක්‍රමිකතා, ඒ අතර වඩාත් ප්‍රකටය. දිගින් දිගටම පාඩු ලබන රාජ්‍ය ආයතනවල දූෂණය හා නාස්‌තිය පිළිබඳවද විවෘත චෝදනා තිබේ. අප මෙහි සඳහන් කළ අන්නා හසාරේගේ දූෂණ විරෝධය සම්බන්ධයෙන් ඉන්දියාවේ මධ්‍යම පාන්තිකයෝත් බුද්ධිමතුන් හා කලාකරුවෝත් සහාය පළ කරති. ඒ සියලු දෙනාගේම අදහස වන්නේ එබඳු අශිෂ්ට ක්‍රියාකාරකම් ගැන පැමිණිලි කිරීමට ආයතනයක් පමණක් නොව පැමිණිලි කරන අයට දැඩි රැකවරණ ලබාදීමද අත්‍යාවශ්‍ය බවය. 2011 දූෂණයට එරෙහි ඉන්දියානු ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේත් ඒ සඳහා බව කියති. මේ පිළිබඳව අපගේ රජයන්හි හෝ බුද්ධිමතුන්ගේ හා සමාජ ක්‍රියාධරයන්ගේ අවධානය යොමුව ඇතැයි කිව හැකිද? බලය ලබා ගන්නා බොහෝ දේශපාලන පක්‍ෂ මෙබඳු චෝදනා නිසාම ජනතාවගේ විරෝධයට ලක්‌වන අයුරු අපි දකිමු. අප බොහෝ දෙනකු විසින් නිර්දය ලෙස තඩිබානු ලබන දේශපාලන මුව හමක් වී තිබෙන්නේ 1977 න් ඇරඹුණු ආර්ථික, සමාජ හා සංස්‌කෘතික ආකල්පයන්ය. මේ 2011 වසරයි. අප ඒ වෙනුවෙන් කර තිබෙන්නේ කුමක්‌ද? අප වැනසූ, වසර ගණනකින් රටම ආපස්‌සට දැමූ ම්ලේච්ඡ ත්‍රස්‌තවාදයකටද මුහුණ දීමට සිදුවූ බව ඇත්තය. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෘඪතර කැපවීමත් අධිෂ්ඨානයත් නිසා අපට එයින්ද ජය ලද හැකිවිය. එහෙත් අපට වුවමනා සමාජ, සංස්‌කෘතික හා දේශපාලන ආර්ථික වෙනස තවමත් සිදුවී තිබේද? අප දකින ආකාරයට නම් ඒ සියල්ල සඳහා මූලික පදනම වන්නේ යට දැක්‌වූ දූෂණයට, නාස්‌තියට, වංචාවට, අල්ලසට එරෙහිව ක්‍රියා කිරීමට ප්‍රබල ආයතනයක් බලාත්මක කිරීමය. අද තිබෙන අල්ලස් හෝ දූෂණ පනත බල රහිත එකක් බවද කියති. එසේම එමගින් පොදු යහපත සඳහා වුවද අල්ලස් පිළිබඳ චෝදනා ඉදිරිපත් කරන අයට බරපතල අනතුරු හැඟවීමක් කර තිබෙන බවද නීතියේ ඉහළම ආධිපත්‍යය හෙබවූවෝද විවෘතව කියති. මේ රටේ දූෂණය හා අල්ලස පිළිබඳ ඉතා අශිෂ්ට තතු අපට වාර්තා වේ. භෞතික සම්පත්වලට අමතරව මානසිකව හා ලිංගිකවද අල්ලස් ලබා ගන්නා නරුමයෝ සමාජ මතුමහලේ සිටිති යන්න ජනතාවගේ සැකයකි. සැකය යනු භයානකය. ඒ සැකයට ඉඩ තැබීම ඊට වඩා භයානකය. අද මේ රටේ විපක්‌ෂයද දියාරු වී ගොසින්ය. ප්‍රධාන විපක්‍ෂයේ බල අරගලයකි. පුටුවලට පොරවදින අය රටේ පොදු ජනතාවගේ ප්‍රශ්නවලට දක්‌වන ප්‍රතිචාර ඉතා අලස බව අපගේ වැටහීමයි. දූෂණය, නාස්‌තිය, අල්ලස පිළිබඳව පාවෙන චෝදනා තිබුණත් ඒවාට එරෙහිව විපක්‍ෂය මෙතෙක් කර තිබෙන්නේ කුමක්‌ද? ඒ සඳහා ප්‍රබල නීති රීති ආයතන බලගැන්වීම් වැනි කාරණා සඳහා වුවද විපක්‍ෂයෙන් බලපෑමක් සිදුවී තිබේද? කෙසේ හෝ රටකට අභිමානවත්ව නැගී සිටිය හැක්‌කේ ඒ රටේ යහපත් පිරිසිදු පාලනයක් මෙන්ම යහපත් සමාජයක් ප්‍රතිෂ්ඨාපනය වී ඇත්නම් පමණි. දූෂිතයන්, පල්හොරුන්, දේශපාලන අමනයන් ඇතුළු සකල විධ සමාජ විරෝධී බලවේග එළවා දමන තෙක් අපට හෙටක් නැත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment