අන්තර්ජාලය ඔස්සේ උපුටා ගන්නා ලද තොරතුරුය
අල්ලස් පනත යටතේ සහ 1975 අංක 1 දරණ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ පනත යටතේ රජයේ සේවකයන්ට විරුද්ධව ඉදිරිපත් වන අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශනය කිරීම සහ අධිකරණය ඉදිරියේ නඩු පැවරීම සහ එම නඩු කටයුතු පවත්වාගෙන යෑම තුලින් ඉහත කී පනත යටතේ වැරදි කරනු ලබන රජයේ නිලධාරීන්ට දඩූවම් ලබාදීමට කටයුතු සැලැස්වීම.
එයට අමතරව අල්ලසට හා දූෂණයට එරෙහිව කටයුතු කිරීම සදහා මහජනතාවගේ සහයෝගය ලබා ගැනීමට ඔවුන්ව දැනුවත් කිරීමද අල්ලසින් හා දූෂණයෙන් තොරව කාර්යක්ෂමව හා අවංකව තම රාජකාරී කටයුතු ඉටු කිරීමේ වැදගත්කම මෙන්ම අල්ලස සහ දූෂණය රටේ සමාජීය සංවර්ධනයට සහ ආර්ථික සංවර්ධනයට එල්ල කරන අහිතකර බලපෑම පිළිබදව රාජ්යෂ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩ සටහන් දීප ව්යාරප්තව පවත්වාගෙන යෑම මේ තුලින් ජනතා හිතවාදී රාජ්යස සේවයක ඇති වැදගත්කම රාජ්යක නිලධාරීන්ට අවබෝධයක් ලබාදීම තුලින් ආකල්පමය වෙනසක් ඇති කිරීමට උත්සහ කෙරේ.
පැමිණිලි ඉදිරිපත් කල හැකි ආකාර
අල්ලස් කොමිසමේ කාර්යාලයට පැමිණීමෙන්
ලිපියක් එවීමෙන්
දුරකථනයෙන්
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-04-19 14:01:14
උපුටා ගැනීම- http://gic.gov.lk/gic/index.php?option=com_info&id=918&task=info&lang=si
ශ්‍රී ලංකාව තුළබලපැවැත්වෙන දූෂණ විරෝධී නීති
• 1883 අංක 02 දරන ශ්‍රී ලංකාදණ්ඩ නීති සංග්‍රහය • 1950 අංක 13 දරන රාජ්‍ය ආයතන (දූෂණය මැ~ලීම) පනත • 1954 අංක 11 දරන (1994 අංක 20 දරන පනතෙන් සංශෝධිත) අල්ලස් පනත • 1975 අංක 01 දරන වත්කම් සහ බැරකම් ප්‍රකාශන නීතිය • 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත • 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත • 1982 අංක 12 දරණ පොදු දේපල පනත • 2005 අංක 25 දරණ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩ පැවැත්වීමේ සම්මුති පනත • 2017 අංක 12 දරණ විදේශ විදේශ විනිමය පනත
මෙම නීතිවලට අදාල සන්දර්භය
ශ්‍රී ලංකාව තුළ දූෂණය විවිධ මට්ටම් වල ක්‍රියාත්මක වේ. මෙය ශ්‍රී ලංකාව ගෝලීය දූෂණ ශ්‍රේණිගත කිරීම්වල දුර්වල ස්ථාන හිමිකර ගැනීමට හේතු වී ඇත. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් හි නවතම දූෂණ සංජානන දර්ශකයට (කඡෂ) අනුව ශ්‍රී ලංකාව 2017 වසරේදීත් සැලකියයුතු දියුණුවක් පෙන්නුම් කිරීමට අසමත් වී සිටියි. ශ්‍රී ලංකාව 95 වන ස්ථානයේ සිට 91 වන ස්ථානය දක්වා ස්ථාන 4ක් ඉදිරියට විත් ඇතත් කඡෂ අගය 36 සිට 38 දක්වා ලකුණු 2කින් පමණක් වර්ධනය වී ඇත්තේ මන්දගාමී දියුණුවක් පෙන්නුම් කරමිනි. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ගෝලීය සංවිධානයේ දේශීය අංශය වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (ඔෂීඛ) දක්වන අන්දමට ශ්‍රී ලංකාව මේ වනවිට පවත්වා ගන්නා 38ක කඡෂ අගය 2014දීත් හිමිව තිබී ඇත.
ඔෂීඛ විසින් හඳුන්වන පරිදි සැලකිය යුතු ප්‍රගතියක් යනු ලකුණු 6 ක වර්ධනයක් වන අතර පසුගිය වසර 5 පුරාවටම ශ්‍රී ලංකාව සිය කඡෂ අගයෙහි එවැනි සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කිරීමට අසමත්ව ඇත. අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ සිට පාසල් වලට ළමුන් ඇතුලත් කිරීම දක්වා අත්‍යවශ්‍ය පොදු සේවා ලබාගැනීමේදී පුරවැසියන් විසින් දූෂණයට මුහුණ පානු ලැබේ. සම්මත දැඩි රෙගුලාසි සහ පටිපාටීන් මගහැරීම සඳහා ගන්නා අල්ලස් හා රජයේ නිලධාරීන් විසින් ගනු ලබන අල්ලස් මෙහි දූෂණයේ සුලබතම මාධ්‍යයන් ය. ලංකාවේ පොදු ප්‍රසම්පාදන ක්‍රියාවලිය දූෂණය අතිශය ඉහළ අගයක් ගන්නා අවස්තාවක් ලෙස සැලකේ.
එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතිය (ඹභකAක) යෝජනා කරන පරිදි, ජාතීන්ට සිය දූෂණයට එරෙහි සටනේදී ගත හැකි හොඳම පියවර නම් දූෂණය මැඩ පැවැත්වීමටම කැපවුණු ස්වාධීන ආයතන බිහිකළ හැකි පරිදි නව නීති රීති සකස් කිරීමය. එවැනි ආයතන වලට දූෂණ විරෝධී ප්‍රතිපත්ති හා මූලධර්ම දියුණු කළ හැක. සාර්ථකව ක්‍රියාත්මක වන දූෂණ විරෝධී අධීක්ෂණ යාන්ත්‍රණයක් ඕනෑම රටක යහපාලනය ඇතිකිරීම සඳහා අතිශය වැදගත් වේ.
2014 වසරේදී අල්ලස හා දූෂණය වැලැක්වීම සම්බන්ධ ගෝලීය එකඟතාව වන එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි සම්මුතියට (ඹභකAක) ශ්‍රී ලංකාව අත්සන් තබා අනුමැතිය පල කරන ලදි. එම සම්මුතියට අදාළ රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව තුළ, එම සම්මුතියේ 5(2) ව්‍යවස්ථාව ප්‍රකාර දූෂණය පිටුදැකීම සඳහා බලාත්මක කෙරුණු නෛතික හා පරිපාලනමය පරිසරයක් නිර්මාණය කල යුතුව ඇත.
ඊට අමතරව ශ්‍රී ලංකාව විවෘත රාජ්‍ය හවුල්ගිවිසුමේ (ධඨඡ) කොටස්කරුවෙකි. ඊට අනුව දූෂණ විරෝධී ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම සඳහා වසර දෙකක දූෂණ වැලැක්වීමේ සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතුව ඇත.
1994 අංක 19 දරන පනත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පිහිටුවනු ලැබීය.
මෙම පනත 1994 අංක 20 දරන අල්ලස් (සංශෝධිත) පනත මඟින් නැවත සංශෝධනය කළ අතර, ඉන් අල්ලස් කොමසාරිස් තනතුර අවලංගු කරන ලදී.
අල්ලස, දූෂණය, අසාධාරණ ලෙස මුදල් ඉපයීම සහ වත්කම් ප්‍රකාශ කිරීමේ නොහැකියාව ක්ෂේත්‍ර 3හි ම විමර්ෂණ කටයුතු කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව බලගන්වා ඇත.
මින් පෙර නම්, ලද තොරතුරු මත පදනම්ව අල්ලස් සම්බන්ධ පැමි‚ලි ගැන පරීක්ෂණ ඇරඹීම සඳහා කොමසාරිස්වරයා සතුව බලතල තිබුණු අතර, එම පැමි‚ලි අදාල තොරතුරු ලබා දුන් පුද්ගලයන් හරහාම නාමිකව ගොනු කිරීම අනිවාර්ය නොවීය. කෙසේ වුවද, 1994 අංක 20 දරන අල්ලස් පනතට ගෙන ආ නව සංශෝධනයට අනුකූලව, එම විධිවිධානය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අවලංගු කරන ලදී.
මෙම සංශෝධනය මඟින් පැමි‚ලි ගොනු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව සහ පරීක්ෂණ ආරම්භ කළ යුතු ආකාරය පිළිබඳ කාර්ය පටිපාටිය නියම කරන ලදී. මෙය නැවත වතාවක් 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන යටතේ සංශෝධනය කරන ලදී (19 අ පරිච්ඡේදය, 156 අ ව්‍යවස්ථාව). ඒ අනුව, අල්ලස් හෝ දූෂණ චෝදනා පිළිබඳ ප්‍රශ්න කිරීමට සහ පරීක්ෂණ කිරීමට දැන් කොමිසමට බලතල හිමිව තිබේ. කොමිසමෙන් ඉදිරිපත් කරන මෝසමක් මඟින් හෝ කොමිසමට කරන ලද පැමි‚ල්ලක් අනුව ඊට ක්‍රියාත්මක විය හැක.
දූෂණය වරදක් ලෙස හඳුන්වාදෙන ලද්දේ 1994 අංක 20 දරන අල්ලස් (සංශෝධන) පනත මඟිනි. මෙම වරද සිදුකරන පුද්ගල කණ්ඩායම් වලට අදාල නීතිය, අල්ලස් පනතෙහි විස්තර කර ඇති ආකාරයේ අල්ලස් වැරදි සිදුකරන රාජ්‍ය නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වන ආකාරයට සමාන ආකාරයෙන් ක්‍රියාත්මක වේ.
අලූතින් පිහිටවූ නියෝජිත ආයතනවලට උදාහරණ ලෙස අගමැතිවරයාගේ කාර්යාලය යටතේ පිහිටුවා ඇති දූෂණ විරෝධී මහලේකම් කාර්යාලය, වංචා – දූෂණ සහ බලතල අපහරණය පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව, පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශය (තකෂෘ), රාජ්‍ය වත්කම් ආපසු ලබාගැනීමේ කාර්ය බලකාය (ීඔAඍඔ), ජාතික විධායක සභාවේ දූෂණය පිළිබඳ උප කමිටුව.
ප්‍රධාන ලක්ෂණ සහ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය
1954 අංක 11 දරණ අල්ලස් පනත (1994 අංක 20 පනතෙන් සංශෝධිත), 1994 අංක 19 දරණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභා පනත සහ 1975 අංක 1 දරණ වත්කම් හා බැරකම් ප්‍රකාශ නීතිය යන පනත මේ වනවිට සංශෝධන මට්ටමේ පවතී. එම සංශෝධන කැබිනට් අනුමැතිය ලබා ඇති අතර නීති කෙටුම්පත් දෙපාර්තමේතුවේ විවරණයට ඉදිරිපත් කර ඇත.
2017 වසරේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් වී ඇති පැමිණිලි සංඛ්‍යාව 2768 කි. කොමිෂන් සභාව විසින් නඩු 73 ක් ගොණු කර ඇති අතර පුද්ගලයන් 51 දෙනෙකු අල්ලස් ගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන ඇත. කොමිෂන් සභාව වෙත ඉදිරිපත් වී ඇති බොහොමයක් පැමිණිලි සිදුවීමෙන් අනතුරුව ගොණු කරන ලද ඒවාය. නමුත් අල්ලස් ලබා ගැනෙන අවස්තාවේදී කොමිෂන් සභාව අමතා එම ස්ථානයට ගෙන්වා ගැනීමෙන් සාක්ෂි සහිතවම අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත හැකි වේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව එවැනි සජීවී සාක්ෂි සහිත අත්අඩංගුවට ගැනීම් සඳහා බලගන්වන ලද ඇති ආයතනයකි.
2018 වසර තුළ මාර්තු 27 වනවිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණිලි 605 ක් ලැබී ඇති අතර නඩු 9 ක් ගොණු කර වැටලීම් 11 ක් සාර්ථකව සිදුකර ඇත.
දැනට දූෂණ නඩු ගොණු කෙරෙන්නේ ශ්‍රී ලංකා අධිකරණ පද්ධතියේ පහළම අධිකරණය වන මහේස්ත්‍රාත් අධිකරණ වලය. මෙය නඩු පැවරීමේ ප්‍රමාදයන් ඇති කරන අතර ගොණු කර ඇති සහ අවසන් කර ඇති නඩු ප්‍රමාණය අඩු වීමට හේතු වී ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව පිහිටුවා ගතව ඇති වසර 23 තුළ 100 -200 අතර පැමිණිලි ප්‍රමාණයකින් පුද්ගලයින් 4 දෙනෙකු පමණක් වරදකරුවන් වී වසර 10 ඉක්මවූ සිරදඬුවම් ලබා ඇත. යෝජිත නව සංශෝධන අනුව නඩු එසේ දීර්ඝකාලීනව ඇදී නොයනු ඇති අතර එම නඩු විභාගයන් කඩිනම් කෙරෙනු ඇත.
මෙම නඩු නීතිපතිවරයා, අල්ලස් කොමිසම හෝ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිත අතර අවසන් තීන්දුව ලබාදෙන තුරු එම නඩු කල් නොතැඛෙනු ඇත. නඩු විභාග වීමේ ප්‍රමාදයන් නිසා සාක්ෂි හිඟ වීම, සාක්ෂිකරුවන් අතුරුදහන් වීම හෝ මියයාම, සැකකරුවන් රටින් පැනයාම, කාර්යාල මාරුවීම සහ ලියකියවිලි අස්ථානගත වීම සිදු වී ඇත. එම ප්‍රමාදයන් අපරාධකරුවන් නීතියේ රැහැනින් ගැලවී යාමට සහ බලපෑමට ලක්වූ පිරිස් වලට යුක්තිය ඉටු නොවීමට හේතු පාදක වී ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවට අනුව දූෂණ නඩුවලට අදාළ චෝදනා වලින් 75% ක් සාක්ෂි රහිත වන අතර විශේෂයෙන් පිළිගත හැකි සාක්ෂි වලින් තොර වන අතර ඒවා බොහොමයක් පිළිගත හැකි සාක්ෂි සහිත සැලකිය යුතු චෝදනාවන් නොවන දුක්ගැනවිලිය.
කොමිෂන් සභාවට විමර්ෂණ නිලධාරීන් බඳවා ගත හැකි කාර්යාල ඉඩකඩ මඳ වීම හේතු කොටගෙන පොලිස් නිලධාරීන් විසින් මෙතෙක් කල් කරගෙන ආ විමර්ශනයන් සඳහා ස්වාධීන විමර්ශකයන් 50 දෙනෙකු යොදා ගත හැකි නව අවසරයක් ලැබී ඇත.
මෙම නඩු වෙනුවෙන් පෙනීසිටීම සඳහා වෘත්තීය නීතිඥවරුන්ගේ හිඟය හේතුවෙන් නීති නිලධාරීන් 29 දෙනෙකු යොදාගැනීමට අවසර ලැබී ඇත. මෙහිදී විශේෂයෙන් සැලකිය යුතු කරුණ වන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නවක නීතීඥවරුන්ට සිය නඩුව අත්දැකීමෙන් සහ ජ්‍යෙෂ්ඨත්වයෙන් පරිපූර්ණ නීතිපති දෙපාර්තමේන්තුවේ අධිනීතිඥවරුන්ට එදිරිව මෙහෙයවීමට සිදුවීම ප්‍රායෝගිකව අභියෝගයකි. එබැවින් වෘත්තීය නීතිඥවරුන් 29 දෙනෙකු යොදාගැනීම මෙම ප්‍රායෝගික ගැටලුව සඳහා කොමිෂන් සභාවට ලද හැකි සාර්ථක විසඳුමක් වනු ඇති.
දැනට නිවාරණය සඳහා වෙන් වුණු ඒකකයක් නැත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවට නිවාරණය සඳහා වෙන්වුණු බලයක් නැත. එබැවින් එවැනි ඒකකයක් පිහිටුවීමේ සාකච්ඡාවක් පවතී.
දැනට අදාළ අධිකාරීන් විසින් වැලැක්වීමේ නිලධාරීන් 15 දෙනෙකු බඳවා ගැනීමට සහ වැලැක්වීමේ නීති සංශෝධන කිරීමට අවසර දී ඇති අතර ජාතික අයවැයෙන් ඒ සඳහා අරමුදල් වෙන්කිරීමටද පියවර ගෙන ඇත.
අත්දැකීම් සහිත දක්ෂ නීතිඥවරුන් නීතිපති දෙපාර්තමේන්තුවේ රඳවා ගැනීම සඳහා දෙපාර්තමේන්තුවේ වැටුප් ඉහළ නැංවීමට විධිවිධාන දැන් සලසා ඇත. ආරංචි මාර්ග වලට අනුව ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් 20 දෙනෙකු දෙපාර්තමේන්තුව හැර ගොස් ඇත.
ස්වාධීන විමර්ශකයන් 50 දෙනෙකු බඳවා ගැනීමටද අවසර ලැබී ඇත.
නිවාරණය
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව විසින් රාජ්‍ය නිලධාරීන්, නීති වෘත්තිකයන්, සිවිල් සමාජය සහ මාධ්‍ය සමග කරන ලද සාකච්ඡා වලින් පසුව නිවාරණයට පියවර ගැනීමේ උපාය මාර්ගය 2015/2017 ජාතික කාර්ය සැලසුමටද ඇතුලත් කර ඇත. අවංක නිලධාරීන් පත්කිරීම, රාජ්‍ය සේවයේ විනිවිදභාවය වැඩිදියුණු කිරීම සහ සිවිල් සමාජය සමග ඇති සබඳතාව ශක්තිමත් කිරීම සඳහා වන වඩාත් පුළුල් ජාතික දූෂණ විරෝධී උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
දූෂණ වැලැක්වීමේ ක්‍රියාවලියට වඩාත් ව්‍යුහාත්මක ප්‍රවේශයක් ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව විසින් වෙනම නිවාරණ ඒකකයක් පිහිටුවීමට පියවර ගෙන ඇත. අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු විසින් එම ඒකකයට නායකත්වය දෙනු ඇති.
දූෂණ විරෝධය සහ දූෂණ නිවාරණය පාසල් විෂයය නිර්දේශයට ඇතුලත් කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව මේ වනවිට අධ්‍යාපන අමාත්‍යංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය සමග සාකච්ඡා කරමින් සිටින අතර පාසල් පරිපාලන පද්ධතියෙන් දූෂණය ඉවත් කිරීමට, නිර්මාණ තරග සංවිධානයට සහ දූෂණ නිවාරණ සංගම් බිහිකිරීමට පියවර ගනිමින් සිටියි.
නීති ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි අභියෝග
අල්ලස් සහ දූෂණයට එරෙහි වීම සඳහා පිහිටුවන ලද කොමිෂන් සභා සහ යාන්ත්‍රණයන් පැවතුණ ද දූෂණ සංස්කෘතිය සහ ඒකාකෘතික බව, දරිද්‍රතාවය, රාජ්‍ය නිලධාරීන්ට ගෙවන අඩු වැටුප්, රැකියා / අධ්‍යාපන ආයතන / ඇතුළත් කර ගැනීම් / රජයේ රෝහල් / සෞඛ්‍ය පද්ධතිය සඳහා තේරීම් සිදු කිරීමේ දී පවතින විනිවිදභාවයක් නොමැතිකම, රාජ්‍ය සේවා අංශ සහ පද්ධති සතු ව වගවීමක් නොමැති වීම, අධිකරණය සතු බලතල ප්‍රමාණවත් නොවීම, උසාවිවල ගොඩ ගැසී ඇති නඩු කටයුතු වැනි මුල් බැසගත් හේතූන්, දූෂණය ඇතිවීම සඳහා ඉඩ සලසා ඇති හේතූන් වන අතර ඒ කිසිවකට තවමත් නිසි ලෙස අවධානය යොමු වී නොමැතග
මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශයත්, බරපතළ වංචා දූෂණ හා බලය රාජ්‍ය සම්පත් සහ වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම විමර්ශනයට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවත් සමග අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවට ඇති සහයෝගීතාව අවම මට්ටමක පවතී.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට අනුව 1994 අංක 19 දරණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභා පනත යල්පැනගිය එකක් වන අතර පසුගිය වසර 28 ටම එය සංශෝධනය වී නැත. එමනිසා ඔවුන් අල්ලස හා දූෂණයට එරෙහිව සටන් කිරීමේදී බොහොමයක් අභියෝගවලට මුහුණ පා ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවට සිය නිලධාරීන් ඍජුව බඳවා ගැනීමේ බලයක් නැත. විමර්ශණ, වැටලීම් සහ විශ්ලේෂණ පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබාගත් නිලධාරීන් විසින් සිදු කෙරේ. ඔවුන් පොලිස්පතිවරයාගේ අණ අනුව ක්‍රියාත්මක වේ. එම නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන බැවින් කොමිෂන් සභාවේ වැඩකටයුතු අතර වාරයේ විශේෂ රාජකාරි සඳහා ද යෙදවේ. සුවිශේෂ ක්‍රියාකාරීත්වයක් සහිත රාජ්‍ය ආයතනයක් වශයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවට මෙසේ පොලිස් දෙපාර්තමේන්තුව මත රඳා පැවතීමට සිදුවීම එහි ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවයි. එයින් කොමිසමට සිය විෂය ක්ෂේත්‍රය සහ විනය පද්ධතියට පරිබාහිර ආයතන මත රඳා පැවතීමට සිදුව ඇත. මෙය කොමිෂන් සභා යාන්ත්‍රණය දුර්වල කරන සාධකයක් බවට පත්ව ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව සතු සීමිත ඉඩකඩ හේතුවෙන් ස්වාධීන විමර්ෂණ නිලධාරීන් 50 දෙනෙකු බඳවා ගැනීමට අනුමතව ඇතත් ඔවුන්ට කොමිෂන් සභාව තුළ පහසුකම් සැපයීම විශාල අභියෝගයක් ව ඇත.
කොමිෂන් සභාව මානව සම්පත් සහ යටිතල පහසුකම් යන දෙ අංශයේම හිඟයකට මුහුණ පා සිටී.
අල්ලස් හා දූෂණ සම්බන්ධ බොහොමයක් පැමිණිලි සහ පෙත්සම් අඥාත ය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට අනුව දූෂණ සහ නීති විරෝධී වත්කම් වලට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කරන බොහෝ දෙනා සාක්ෂි දීම සඳහා ඉදිරිපත් වන්නේ නැත. එබැවින් පිළිගත හැකි සාක්ෂි නොමැතිව නඩු ගොණු කිරීම, නඩු විභාගය සහ දඬුවම් දීම අසාර්ථක වේ.
සිය සමාජ තත්වය, සමාජ පන්තිය, කතා කරන භාෂාව, ආර්ථික, සංස්කෘතික හා භූගෝලීය සාධක වලට අනුකූලව විවිධ පිරිස් හා පුද්ගලයන් විසින් දූෂණය අර්ථ දක්වන්නේ විවිධ ආකාරයන්ට නිසා එහි සැබෑ සංකල්පය අපැහැදිලි වී ඇත. කෙනෙක් යම් කටයුත්තක් දූෂණයක් ලෙස සලකද්දී, වෙනත් සමාජයක පුද්ගලයෙක් එම කටයුත්තම දූෂණයක් ලෙස නොසැලකීමට හෝ දූෂණයක අංග එහි නොදැකීමට හෝ ඉඩ ඇත. එබැවින් දූෂණය, පහසුකම් සැපයීමේ ගාස්තුව, ත්‍යාගය පිලිබඳ සංකල්පය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. දූෂණය යනු කුමක්ද යන්න තවමත් බිම් මට්ටමේදී ප්‍රධාන පෙලේ ගැටළුවක්ව පවතී. එබැවින් බොහෝ සාමාන්‍ය ජනයා දූෂණය යනු කුමක්දැයි නොදැනම මෙම දූෂණයේ විෂම චක්‍රයට හවුල් වී ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවට ලැඛෙන පැමිණිලි වලින් බොහොමයක් මධ්‍යම පාන්තික ජනයා විසින් කරන ලද ඒවාය. ඊට හේතුව ඔවුන්ට සිය ආර්ථික තත්වය හේතුවෙන් විශාල මුදල් ප්‍රමාණ අල්ලස් ලෙස ගෙවිය නොහැකි වීමයි. ඉහළ සමාජ තත්වයේ නැතහොත් ප්‍රභූ පැලැන්තියේ පුද්ගලයන් බොහෝ විට කුමන අන්දමකින් හෝ සිය කාර්යය ඉටුකර ගැනීමට සිතන නිසා එවැනි පැමිණිලි ගොණු කිරීමට යොමු වන්නේ නැත. එය වක්‍රාකාරයෙන් රට තුළ ඇතිවී ඇති අල්ලස හා දූෂණයේ නැග්මට හේතු කාරක වේ.
බල අසමතුලිතතාව, අවම විනිවිදභාවය සහ වගකීම: බොහෝ බලවත් පුද්ගලයන් හා ආයතන, මූල්‍ය සහ අනෙකුත් වංචාවන් වල නිරත වන අතර බොහෝ අවස්ථාවන් වලදී ඔවුහු නීතියේ රැහැනින් ගැලවී යති. ඔවුන් එසේ ගැලවී යන්නේ බොහෝ විට අධිකරණ පද්ධතියේ හෝ පරිපාලන පද්ධතියේ පවතින හිඩැස් වලිනි.
අල්ලස හා දූෂණය විවිධාකාර මට්ටම් සහ ක්ෂේත්‍රයන් වල සූරාකෑම් වලට මග පාදා ඇත. උදා: ලිංගික සූරාකෑම, ආර්ථික/මූල්‍ය සූරාකෑම සහ ශ්‍රම සූරාකෑම
දූෂණය පුද්ගලික ක්ෂේත්‍රයේ ද විශාල ලෙස පැතිරී ඇත. නව සංශෝධනයන් මගින් පුද්ගලික අංශයද නීතිය හමුවට ගෙන ඒමේ ප්‍රතිපාදන සලසා ඇත.
දූෂණය, සමාජය හා බැඳුනු මූල්‍ය සූරාකෑම් කරා ගමන් කරයි. උදා: උතුරු පළාතේ ඉහළ පොලී අගයන් විසින් කාන්තා ගෘහමූලිකත්වය ඇති පවුල් ද්විත්ව සූරාකෑමකට ලක්කරයි. එම ඉහළ පොලී අගයන් ගෙවා ගත නොහැකි අවස්ථාවන්හිදී ඔවුන් ලිංගික සූරාකෑමකටද ලක්වේ. එබැවින් මහජනතාව දෙවතාවකදී සූරාකෑමට ලක්වීමට බොහෝවිට දූෂණය හේතු වේ.
විදෙස් ගෘහ සේවක ක්ෂේත්‍රයේ දූෂණය පසුගිය වසරවල සිට දැඩි ලෙස වර්ධනය වෙමින් පවතින අතර තවමත් විසඳුමක් නොලැබ පවතී.
රට තුළ දූෂණ නිවාරණ යාන්ත්‍රණයක් නොමැතිකම අල්ලස හා දූෂණය පිටුදැකීම සඳහා වන ආයතන හා සංවිධාන වල ඇති මානව, තාක්ෂණික සහ මූල්‍යමය සම්පත් වල හිඟ බව.
විශ්ලේෂණය
අල්ලස හා දූෂණය ශ්‍රී ලංකාවේ මුල්බැසගෙන ඇති නිසා එය පිටුදැකීම 2015 වසරේදී රාජ්‍ය බලය ලබා ගැනීමට ප්‍රචාරණයේ යෙදෙන සමයේ සිට යහපාලන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉහලින්ම සඳහන් වූවක් විය. රට සම්පූර්ණයෙන්ම අල්ලස හා දූෂණයෙන් මුදාගැනීමේ පොරොන්දුව පූර්ණ වශයෙන් ඉටු වී නොමැතිව ජනතාවද ඉන් ඉච්ඡාභංගත්වයට පත්ව ඇති නමුත් මෙම රජය විසින් ඒ වෙනුවෙන් යම් සාධනීය පියවර කිහිපයක් ගෙන ඇත. අල්ලස හා දූෂණයට එරෙහි නීති වල සංශෝධනයෙහි අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන ඇති අතර ඊට අදාළ යෝජනා අනුමත කොට ඇත. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අවසන් සංස්කරණයෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති අතර කැබිනට් අනුමැතියෙන් පසු ඒවා නීති වශයෙන් සම්මත වනු ඇත. 2/3 ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත වීමට නියමිත විනිසුරු මඩුල්ලක් සහිත මහාධිකරණ පිහිටුවීමේ අධිකරණ සංවිධාන පනත ඊට හොඳ උදාහරණයකි. මෙම යෝජනා පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවේදී සාකච්ඡාවට බඳුන් වී ඇති අතර මේ වන විට එය ඉදිරියට ගෙන යාමේ වගකීම පාර්ලිමේන්තුව වෙත පැවරී ඇත. දැනටමත් අවසන් කර ඇති විශාල බිම් මට්ටමේ රාජකාරි කොටසක් ඉටුකරමින් මෙම යෝජනා හා සංශෝධන ගෙන ඒමේදී පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන ලදි. මෙහි ගැටලුව වන්නේ මෙම ක්‍රියාවලීන් මේ වනවිට වසර 3ක පමණ කාලයක් තිස්සේ කිසිඳු වැදගත් ප්‍රතිපලයක් නොමැතිව ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ක්‍රියාවලීන් කඩිනම් විය යුතු අතර අදාළ ක්ෂේත්‍රයන්හි කටයුතු කරන ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන්ගේ සහ මහජනතාවගේ අදහස් සහිතව සාකල්‍ය ප්‍රවේශයක් ඒ සඳහා ගත යුතුව ඇත.
ඉදිරි පියවර
අල්ලස හා දූෂණයට අදාළ නීති සහ පනත් 3ක් සංශෝධනය කිරීම සඳහා යෝජනා වී ඇත. ශ්‍රී ලංකාවට අල්ලස හා දූෂණයට එරෙහිව සාර්ථකව ක්‍රියාත්මක වීමට අදාළ නීති හා පනත් සංශෝධනය වීම ප්‍රමාදයකින් තොරව සිදු විය යුතුව ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවට අනුව දැනට අල්ලස් පනත, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභා පනත සහ වත්කම් හා බැරකම් ප්‍රකාශ නීතිය සංශෝධනය කිරීමට යෝජනා වී ඇත. මෙම සංශෝධිත අල්ලස් පනත මගින් අල්ලස් නඩු මහාධිකරණයේ ගොණු කිරීම, නඩු විභාගය සහ වරදකරුවන්ට දඬුවම් දීම කඩිනම් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභා පනතට යෝජනා වී ඇති සංශෝධන මගින්, කොමිසම වඩාත් වැදගත් නඩු දිනපතා ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් සහිත විශේෂ මහාධිකරණයට ඉදිරිපත් කිරීම් සඳහා බලගැන්වෙනු ඇත. එසේ නීතිපතිවරයා ඉදිරියේ හෝ අල්ලස් කොමිසම ඉදිරියේ හෝ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග වන නඩු අවසන් විනිශ්චය දක්වා කල් තැබීමකින් තොරව විභාගයට ගැනෙනු ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවට ජනාධිපති කොමිෂන් සභාවල සාක්ෂිද සිය විමර්ෂණ සඳහා යොදාගැනීමට ඉඩ ලැඛෙනු ඇත. එම සංශෝධන මගින් කොමිසමේ ආයතනික ව්‍යුහය සහ මානව සම්පතද ශක්තිමත් කෙරෙනු ඇත.
යෝජිත වත්කම් හා බැරකම් ප්‍රකාශ නීති සංශෝධනය මගින් තම වත්කම් පිලිබඳ සාවද්‍ය ප්‍රකාශ සිදුකරන පුද්ගලයින්ට දැඩි දඬුවම් පැමිණවීමට නීති සම්පාදනය කෙරෙනු ඇත. සාවද්‍ය වත්කම් ප්‍රකාශනයට හෝ වත්කම් ප්‍රකාශනය පැහැර හැරීමට දැනට ඇති දඩය ශ්‍රී ලංකා රුපියල් 1000 ක් වන අතර එය 100,000 ක් දක්වා ඉහළ නැංවෙනු ඇත. ඊට අමතරව වසරක කාලයක් සඳහා සිරදඬුවමක් ද නියම කෙරෙනු ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිසම විසින් නිවාරණ ඒකකයක් පිහිටුවීමට මෙන්ම අල්ලස හා දූෂණය නිවාරණය පිලිබඳ මහජන දැනුම්වත් කිරීම් දියත් කිරීමට බලාපොරොත්තු වේ. අප සමාජය තුළ දූෂණ සංස්කෘතිය මුල්බැසගෙන ඇත. එබැවින් අල්ලස හා දූෂණය උපාය මාර්ගිකව තුරන් කර හැරීම සඳහා පළමුවෙන් මහජනතාව ඒ පිලිබඳ දැනුම්වත් විය යුතුව ඇත. අල්ලස හා දූෂණය පිලිබඳ දැනුවත් බව ඇති කිරීම, පිටුදැකීම වෙනුවෙන් අධ්‍යාපනික වැඩසටහන් දියත් කිරීම සහ ඊට එරෙහිව සටන් කිරීම සහ තුරන් කිරීම ශ්‍රී ලංකාව තුළ අවම මට්ටමක පවතී. එමනිසා එවැනි වැඩපිළිවෙලක දැඩි අවශ්‍යතාවක් පවතින අතර දූෂණ විරෝධී සංවිධාන සහ සිවිල් සංවිධාන සමගින් රජය මේ වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුව ඇත.
අල්ලස් හා දූෂණ පිලිබඳ පැමිණිලි කිරීමේ යාන්ත්‍රණය සම්බන්ධව මහජනතාව දැනුම්වත් කිරීම අතිශය වැදගත්ය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිසම වෙත කෙරෙන පැමිණිලි බොහොමයක් අඥාත සහ පිළිගත හැකි සාක්ෂි වලින් තොර ඒවාය. එබැවින් නිවැරදිව අල්ලස හා දූෂණය වාර්තා කිරීම පිලිබඳ අවබෝධය මහජනතාවට දිය යුතුව ඇත.
දැඩි ලෙස අල්ලස හා දූෂණයට නතු වීමේ අවධානම සහිත රජයේ කාර්යාල සහ රාජ්‍ය දෙපාර්තමේන්තු හඳුනාගැනීමට සහ වල එම ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් දූෂණ විරෝධී පුහුණු කඳවුරු හරහා පුහුණු කිරීමටද පියවර ගත යුතුව ඇත. එලෙස පුහුණුව ලද නිලධාරීන්ට සිය දෙපාර්තමේන්තු එම පුහුණුවේ අරමුණ කරා රැගෙන යා හැකි වනු ඇත.
වඩාත් සාර්ථක ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව සහ දූෂණ විරෝධී සංවිධාන විසින් පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුව සමග එක්ව කටයුතු කළ යුතුව ඇත.
ජාතික කාර්ය සැලසුම ක්‍රියාත්මක කිරීම වේගවත් කළ යුතු අතර අදාළ සම්පත්දායකයින් හා හොඳ සම්බන්ධතාවක් පවත්වා ගත යුතුව ඇත.
වඩාත් සාර්ථක සම්බන්ධතාවක් සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව හා මාධ්‍ය අතර හොඳ මිත්‍රත්වයක් පවත්වාගත යුතු වේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව විසින් අධ්‍යාපන අමාත්‍යංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය සමග සාකච්ඡා කර අල්ලස හා දූෂණ වැළක්වීම පාසල් විෂය නිර්දේශයට ඇතුලත් කිරීමට පියවර ගැනීම අනාගත පරපුරෙන් අල්ලස හා දූෂණය තුරන් කිරීමට කටයුතු කිරීමෙහිදී අතිශය වැදගත් පියවරකි.
සිවිල් සමාජ සංවිධානවල සහයෝගයෙන් ප්‍රදර්ශන, තරගාවලි සහ සල්පිල් ආදී සමාජ වැඩසටහන් දියත් කිරීම රජයට අල්ලස් හා දූෂණ නිවාරණ සංකල්ප ප්‍රවර්ධනයට සහ අල්ලස හා දූෂණය තුරන් කිරීමට ගත හැකි හොඳම පියවරකි.
පෞද්ගලික අංශයේ අල්ලස හා දූෂණය මර්ධනයට ද වඩාත් පුළුල් උපාය මාර්ගික සැලසුමක් පැවතිය යුතුය. පෞද්ගලික අංශය සඳහා චර්යා ධර්ම සංග්‍රහයක් හෝ චර්යා ධර්ම ප්‍රමිතියක් හඳුන්වාදීම මේ සඳහා වැදගත් වේ. මෙහිදී අල්ලස හා දූෂණයට එරෙහිව රාජ්‍ය – පෞද්ගලික අංශ ද්විත්වයේ ඒකාබද්ධ ප්‍රයත්නයක් දියත් විය යුතුව ඇත.
අල්ලස හා දූෂණයට එරෙහි සටන දෙ අංශයකින් දියත් විය යුතුව ඇත. පහළ සිට ඉහළට යන ප්‍රවේශයක් සහ ඉහළ සිට පහළට යන ප්‍රවේශයක් තිබිය යුතුය. මහ බැංකු බැඳුම්කර වංචාව වැනි මහා පරිමාණයේ සේම ඉතා සුළු පරිමාණයේ ද දූෂණ පිලිබඳ සමාන ලෙස අවධානය යොමු විය යුතුව ඇත. මක්නිසාදයත් එක් පරිමාණයක් පිලිබඳ වැඩි අවධානයක් දීමෙන් අනෙක් පසින් දූෂණය වර්ධන වී ආ හැකිය.
සිවිල් සමාජ සංවිධානල ක‍්‍රියාකාරීන් සහ මහජනතාව සෑම මට්ටමකම දූෂණය තුරන් කිරීම වෙනුවෙන් කටයුතු කළ යුතු අතර වඩාත් සාර්ථක පරිපාලන යාන්ත්රණයක් වෙනුවෙන් මධ්යම රජය ද එකී ක්රියාවලියට පහසුකම් සැපයිය යුතුය
උපුටා ගැනීම
https://policytracker.lk/si/%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A-%E0%B7%83%E0%B7%84-%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7-%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92-%E0%B7%80%E0%B7%92/
No comments:
Post a Comment