Monday, July 25, 2016

ඩුබායිහි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැරකෙන කුළුනක් පිළිබඳ වාර්තා වෙනවා

ඩුබායිහි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැරකෙන කුළුනක් පිළිබඳ වාර්තා වෙනවා.ඩාවින්සි නමින් හදුන්වන මෙම කුළුණ තට්ටු 80 කින් සමන්චිත වන බවයි සදහන් වන්නේ.  
Dynamic කුලුණ ලෙසද හදුන්වන මෙය උස අඩි 1378ක් හා තට්ටු 80කින් සමන්විත චලනය වන මෙය  ගගන චුම්බිතයක්.
මෙම කුළුණ නිර්මාණය කරන ලද්දේ David Fisher නම් ගෘහ නිර්මාණ ශිල්පියා විසින් බවයි වාර්තා වන්නේ.
මෙහි සෑම තට්ටුවකටම නිදහසේ කැරකීමට හැකියාව ඇති අතර මේ හෙතුවෙන් මෙම කුලුණේ හැඩය නියත වශයෙන්ම වෙනස් වන අයුරු දිස් වේ.
සෑම තට්ටුවක්ම මිනිත්තුවකට උපරිම වශයෙන් මීටර් 6ක් කැරකීමට ලක්වේ.එසේ නැතහොත් එක් සම්පූර්ණ වටයක් කැරකීමට මිනිත්තු 90ක් ගතවෙන බව සඳහන් වෙනවා.
මෙය ලෝකයේ ප්‍රථම වතාවට කෘත්‍රිමව නිර්මණය වු ගගන චුම්බිතය වන අතර සෑම තට්ටුවකටම කර්මන්තශාලා 40ක් සෑදීමට සූදානම් කර තිබෙනවා.

කුලුණෙන් 90%ක ප්‍රමාණයක් කර්මාන්තශාලා සදහා වෙන් කර ඇති බවයි වාර්තාවන්නේ.
මෙම කුලුණ සදහා සම්පූර්ණයෙන්ම බලශක්තිය ලබා දෙන්නේ සුළං ටර්බයින හා සූර්ය පැනල මගින්

ෆේස් බුක් සමාගම විසින් අධි තාක්‍ෂණයෙන් යුත් අන්තර්ජාල සේවා සැපයුම් යානාවක් ගුවන්ගත කර තිබෙනවා


ෆේස් බුක් සමාගම විසින් අධි තාක්‍ෂණයෙන් යුත් අන්තර්ජාල සේවා සැපයුම් යානාවක් ගුවන්ගත කර තිබෙනවා.නියමුවන් රහිත යානාවක් වන මෙම යානාව ඇකියුලා ලෙසයි නම් කර තිබෙන්නේ.අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ යුමා නුවරදී මෙම යානාව ගුවන්ගත කර තිබෙන අතර මෙම යානාව සුර්ය බලයෙන් ක්‍රියාත්මක වන යානාවක් බවටයි වාර්තා වන්නේ.
ෆේස් බුක් සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් තම නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ මෙම යානාව සාර්ථකව ගුවන් ගත කල බවයි.
මෙම යානාව තුලින් ඕනෑම කෙනෙකු හට නොමිලේ අන්තර්ජාල පහසුකම ලබාගත හැකි බවයි සඳහන් වන්නේ.
එමෙන්ම එම යානාව මාස තුනක කාලයක් ගුවනේ රඳවා තැබීමට කටයුතු සුදානම් කර ඇති බවද ෆේස් බුක් සමගම පවසනවා.


Saturday, July 23, 2016

ලොව සුපිරිතම පරිගණකය නිෂ්පාදනය කිරීමේ තරඟයෙන් චීනය ඉදිරියට පැමිණ තිබෙනවා.




ලොව සුපිරිතම පරිගණකය නිෂ්පාදනය කිරීමේ තරඟයෙන් චීනය ඉදිරියට පැමිණ තිබෙනවා.ලෝකයේ ප්‍රබලතම පරිගණක 500යේ ලැයිස්තුව දැන් එළිදැක ඇති අතර එහිදී මුල්තැන හිමි වී ඇත්තේ චීනයේ නව සුපිරි පරිගණකයටයි.
උපරිම ධාරිතාවයෙන් ක්‍රියාකිරීමේදී මෙම පරිගණකයට තත්ත්පරයකදී ගණනයන් ටි‍්‍රලියන 93,000ක් සිදුකළ හැකි බවයි ඔවුන් පවසන්නේ.
මෙය මීට පෙර මෙම ලැයිස්තුවේ මුල්තැන ගත් තවත් චීන සුපිරි පරිගණකයට වඩා දෙගුණයක් වේගවත් සහ තුන්ගුණයක් කාර්යයක්ෂම බවයි වාර්තා වන්නේ.
මෙවර ප්‍රථම වරට ප්‍රබලතම පරිගණක ලැයිස්තුවේදී ද ඇමරිකාව අභිබවා යාමට චීනය සමත් වුණා. එම ලැයිස්තුවේ පරිගණක 167ක් චීනයේ නිෂ්පාදිත පරිගණක වන අතර, පරිගණක 165ක් ඇමරිකාවේ නිෂ්පාදිත ඒවායි.



Friday, July 22, 2016

ෆේස්බුක් හි අක්ෂර භාවිතය වසරින් වසර අඩුවෙමින් පවතින බව එහි ප්‍රධානියෙකු පවසා ඇත.


ලෝකයේ දැවැන්තම වෙනසක් ඇති කළ සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් තුළ වීඩියෝ වලට මේ වන විටත් හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.
ඉදිරි පස්වසර තුළ ෆේස්බුක් හි වීඩියෝ අන්තර්ගතය අක්ෂර අන්තර්ගතය (text) ද අභිබවා යනු ඇති බවට එහි ප්‍රධානියෙකු පවසා ඇත.
යුරෝපයමැද පෙරදිග හා අප්‍රිකානු කලාප සඳහා ෆේස්බුක් හි උපසභාපතිනිය වන නිකොලා මෙන්ඩල්සොන් මේ බව පවසා ඇත්තේ ලන්ඩනයේදීය.
ඉදිරි පස්වසර තුළදී ෆේස්බුක් අන්තර්ගතය සම්බන්ධයෙන් අදහස් දක්වන ලෙස ඇයගෙන් ඉල්ලා ඇති අවස්ථාවේදී ඇය පවසා ඇත්තේ වසරින් වසර අක්ෂර භාවිතය වසරින් වසර අඩුවෙමින් පවතින බවත්,වීඩියෝ අන්තර්ගතය ඉදිරියට පැමිණෙන බවත් ය.
කතාවක් කීමට ඇති හොඳම ක්‍රමය වීඩියෝ බවත් ඇය වැඩිදුරටත් පවසා තිබේ.
කෙසේ වෙතත්මෙම අනාවැකිය බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව ඇත.




සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කරන්නන්ගේ මානසික මට්ටම සැකසීම සඳහා ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවිය නවතම උපාංගයක් (tool)හඳුන්වා දී තිබෙනවා.



සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කරන්නන්ගේ මානසික මට්ටම සැකසීම සඳහා ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවිය නවතම උපාංගයක් (tool)හඳුන්වා දී තිබෙනවා.

එය දැනට වලංගු වන්නේ ඉන්දියාව හා ඇමරිකාවට පමණයි. එය හඳුන්වා දීමක් වශයෙන් එම රටවල් දෙක තුළ ආරම්භ කර තිබෙනවා. ජීවිතේ මුහුණ දෙන ප්‍රශ්ණ නිසා සිය දිවි හානි කර ගනිමින් ප්‍රශ්ණ වලින් මිදීමට උත්සාහ දරන්නන්ගේ මානසික  තත්ත්වය සැකසීමේ අරමුණින්  සැකසූ මෙම උපාංගය ඉදිරියේදී ලංකාවටද හඳුන්වා දෙනු ඇතැයි විශ්වාස කෙරේ.ඒ ශ්‍රී ලංකාවද සියදිවි නසා ගැනීම් අතර සිව් වැනි ස්ථානයේ සිටින බැවිනි.
සිය දිවි නසා ගැනීම සඳහා තීරණය කළ අයෙකුගේ මානසිකත්වය මෙම උපාගය තුළින් යම් දුරකට හෝ සැකසිය හැකි බව මොවුන් විශ්වාස කරනවා.
සිය දිවි නසා ගැනීම් වලට යොමු වන හේතු ප්‍රශ්ණ ආකාරයට මෙම උපාංගය තුළින් ඇසීම සිදු කරනවා.ඒ තුළින් තම ජීවිතයේ වටිනාකම පිළිබද අදහසක් ලබා දීම සිදු කරනවා.
මෙම උපාංගය හඳුන්වා දීමේ කටයුතු ආරම්භ කළේ පසුගිය පෙබරවාරි මාසයේදී ය.මෙම ෆේස් බුක් උපාංගය පිළිබඳ බොලිවුඩයේ සුපිරි නිළියක් වන දීපිකා ද අදහස් දක්වා තිබුණා. ඒ ඇයද සිය දිවි හානි කර ගැනීමට තරම්  දරුණු මානසික  පීඩනයකින් පසු වුණ නිසා බව ඇය ඇගේ නිළ ට්විටර් ගිණුම හරහා ප්‍රකාශ කර තිබෙනවා.

Microsoft edge වෙබ් බ්‍රව්සරය,ක්‍රෝම් වෙබ් බ්‍රව්සරයට වඩා ඉදිරියෙන් සිටින බව මයික්‍රෝසොෆ්ට් සමාගම මේ වන විට අනාවරණය කර තිබෙනවා.


වින්ඩොස් 10 මෙහෙයුම් පද්ධතිය සමග එන මයික්‍රොසොෆ්ට් එඩ්ජ් (Microsoft edge) වෙබ් බ්‍රව්සරය,ක්‍රෝම් වෙබ් බ්‍රව්සරයට වඩා ඉදිරියෙන් සිටින බව මයික්‍රෝසොෆ්ට් සමාගම මේ වන විට අනාවරණය කර තිබෙනවා.
 ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය සාපේක්ෂව වැඩි බැටරි බලයක් පරිබෝජනය කිරීම හේතුවෙන් ලැප්ටොප් පරිගණකයේ බැටරිය ඉක්මනින් බැස යාම සිදු වේ. මෙම ගැටලුවට ගූගල් ආයතනය පොරොන්දු වූ පරිදි කඩිනම් විසදුම් ඉදිරිපත් කළද ඒවායින් සැලකිය යුතු වෙනසක් සිදු වූ බව නොපෙනේ.
මෙවැනි තත්වයක් යටතේගූගල් සමාගම සමග කරට කර සටනක් ගෙන යන මයික්‍රෝසොෆ්ට් සමාගම වින්ඩොස් 10 මෙහෙයුම් පද්ධතිය සමග එන මයික්‍රොසොෆ්ට් එඩ්ජ් (Microsoft edge) වෙබ් බ්‍රව්සරය,ක්‍රෝම් වෙබ් බ්‍රව්සරයට වඩා ඉදිරියෙන් සිටින බව ඔප්පු කර පෙන්වීමට අවස්ථාවක් කොට ගත්තා.
මෙහිදී විද්‍යාගාර මට්ටමෙන් පර්යේෂණ සිදුකළ අතර එහිදී මයික්‍රොසොෆ්ට් edge, ගූගල් ක්‍රෝම්ඔපෙරා හා  ෆයර්ෆොක්ස් යන ලොව ජනප්‍රිය වෙබ් බ්‍රව්සර යොදා ගැනුණු බව වාර්තා වෙනවා.
එහිදී එක් එක් බ්‍රව්සරය මගින් කොපමණ කාලයක් වීඩියෝව ධාවනය කළ හැකිදැයි යන්න පිළිබඳ පර්යේෂණ සිදු කළා. එම පරීක්ෂණයේදී මයික්‍රොසොෆ්ට් එඩ්ජ් බ්‍රවිසරය පැය හතයි මිනිත්තු විසි දෙකක කාලයක් ක්‍රියා කළ අතර ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරයට වීඩියෝව ධාවනය කළ හැකි වූයේ පැය හතරකුත් මිනිත්තු දහ නවයක කාලයක් පමණි. තවද පරීක්ෂණයට ගත් ෆයර්ෆොක්ස් බ්‍රව්සරය පැය පහයි මිනිත්තු නවයක කාලයක්ද ඔපෙරා බ්‍රව්සරය පැය හයකුත් මිනිත්තු දහ අටක කාලයක් වාර්ථා කළ බව සඳහන් වෙනවා.
ඉන්පසුව ඉහත කී වෙබ් බ්‍රව්සර යොදාගෙන විවිධ වෙබ් අඩවි විවෘත කරමින්විවිධ ලිපි හසුරුවමින්,වීඩියෝ ධාවනය කරමින් හා අළුතින් ටැබ් (Tab) විවෘත කරමින් පරීක්ෂණය සිදු කළ අතර එහිදීද සනාථ වූයේ මයික්‍රොසොෆ්ට් Edge බ්‍රව්සරය අනිකුත් බ්‍රව්සර අභිබවා ඉදිරියෙන් සිටින බවයි.
 අනෙකුත් බ්‍රව්සර් වලට සාපේක්‍ෂව මෙම Edge බ්‍රව්සරය වේගය අතින් මෙන්ම තවත් අළුත් විශේෂාංග යොදා වැඩිදියුණු කර තිබෙනවා.
 එය CPU cyclesහි සහය ලබා ගැනීමත්අඩු රැම් මතක ධාරිතාවයක් පමණක් අවශ්‍ය වීමත්පසුබිම් ක්‍රියාවන් හා ෆ්ලෑෂ් දැන්වීම් පාලනය කිරීමත් හේතුවෙන් edge බ්‍රව්සරය අඩු බැටරි පරිබෝජනයක් කරන බව මයික්‍රොසොෆ්ට් ආයතනය සදහන් කරනවා.



ලන්ඩනයේ ජාතික කලා ගාරයේ සේවකයින් පිරිසක් ලොව විශාලතම සජීවි සිතුවම නිර්මාණය කිරීමට සමත්ව සිටිනවා.


ලන්ඩනයේ ජාතික කලා ගාරයේ සේවකයින් පිරිසක් ලොව විශාලතම සජීවි සිතුවම නිර්මාණය කිරීමට සමත්ව සිටිනවා.
මෙම නිර්මාණය සඳහා සැබෑ මල් 26,430 භාවිතා කර ඇති බවයි සඳහන් වන්නේ.සැබෑ මල් යොදා නිර්මාණය කළ මෙම සිතුවම පින්තාරු කළ මල් බඳුනක් ලෙසයි.
ලිලී, රෝස, කානේෂන්, ටියුලිප් යන මල් වර්ග මෙම නිර්මාණය සදහා යොදාගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.
මෙහිදී ටියුලිප් වර්ග 6ක් ද, කානේෂන් වර්ග 3 ක් ද, ලිලී වර්ග 6 ක් ද, රෝස වර්ග 6 ක් ද භාවිතා කර ඇති බවටයි දැක්වෙන්නේ.
 සිතුවමේ ගැඹුරු බව සහ සෙවනැලි මතු කිරීම සඳහා එකිනෙකට වෙනස් වර්ණ 37 ක් යොදා ගත් බවට නිර්මාණ ශිල්පියෝ සඳහන් කරනවා.

ඉන්දියානු මෝටර් රථ පහක මගී ආරක්ෂාව පවතින්නේ ඉතාම පහළ මට්ටමක බව අවධාරණය කර තිබෙනවා.


ලොව නිෂ්පාදනය කරනු ලබන වාහනවල ආරක්ෂාව පිළිබඳ ශ්‍රේණිගත කිරීම් සිදුකරනු ලබන බ්‍රිතාන්‍ය සමාගමක් වන Global NCAP (Global New Car Assessment Programme)ආයතනය සිය නවතම වාර්තාවක් පසුගිය දා එළිදක්වනු ලැබීය.
 ඊට අනුව ඉන්දියානු මෝටර් රථ පහක මගී ආරක්ෂාව පවතින්නේ ඉතාම පහළ මට්ටමක බව අවධාරණය කර තිබෙනවා.
 මෝටර් රථවල ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරන ලද තරු (Star) ශ්‍රේණිගත කිරීම්වල දී මෙම වාහන වර්ග 5 ට කිසිදු තරුවක් හිමි වී නොතිබීම මෙහි ඇති වඩාත් විමසිලිමත් විය යුතු තත්ත්වයක්.
මෙලෙස මගී ආරක්ෂාව බිංදුවට දමා ඇති මෝටර් රථ පහ වනුයේ Renault Kwid, Maruti Suzuki Celerio, Maruti Suzuki Eeco, Mahindra Scorpio සහ Hyundai Eon යන මෝටර් රථ වර්ග පහයි.
මීට පෙර අවස්ථාවකදී ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු කරන ලද මෙම තරු ශ්‍රේණිගත කිරීම් වලදී තරු 4 ක් හිමි කර ගැනීමට ඉන්දීය මෝටර් රථ 3 ක් සමත් වුණා.ඒ Etios,Liva සහ Etios Cross යන මෝටර් රථ සඳහායි.


උද්භිද විද්‍යාවට සම්බන්ධ අගනා දත්තයක් ජර්මනියේ Gottingen විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්‌ඩායමක්‌ විසින් සොයාගෙන තිබෙනවා


උද්භිද විද්‍යාවට සම්බන්ධ  අගනා දත්තයක් ජර්මනියේ Gottingen විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්‌ඩායමක්‌ විසින් සොයාගෙන තිබෙනවා. ඒ Barberry නම් ශාක විශේෂයක් සම්බන්ධයෙන්.

 පර්යේෂණ කණ්‌ඩායමට අයත් ආචාර්ය Kartin Meyer  විසින් Barberry ශාකයේ ඇති විශේෂිත හැකියාවක් අනාවරණය කරගෙන තිබෙනවා.මෙම විශේෂිත හැකියාව ඔවුන්ට දැන ගැනීමට ලැබුණේ එම ශාක පවුලටම අයත් Oregon Grape ශාකයේ ප්‍රතිශක්‌තිකරණ හැකියාව ගැන සොයා බැලීමේ පර්යේෂණයකදී බවයි සඳහන් වන්නේ.
Oregon Grape ශාකය නිතරම ක්‍ෂුද්‍ර ජීව ප්‍රහාරවලට ලක්‌ වුණු අතර  Barberry ශාකය එසේ නොවන බවට පෙනී ගියා. ඒ අනුව ජර්මනිය පුරාම තිබෙන Barberry ශාක වර්ග 2000 ක්‌ සොයාගෙන ඒවා ක්‍ෂුද්‍ර ජීවී ප්‍රහාරවලට ලක්‌වීමේ සම්භාවිතාව සොයාබැලීමට විද්‍යාඥයින් යොමු වුණා.

Barberry ඵලය තුළ තිබෙන බීජ සරු බීජ කරනවාද එහෙමත් නැත්නම් නිසරු බීජ කරනවාද යන තීන්දුව ගැනීමටත් ඒ අනුව කටයුතු කිරීමටත් Barberry ගසට හැකියාව පවතින බව විද්‍යාඥයින් අනාවරණය කළා. ඒ අනුව මේ ශාකය තම බීජ වලින් කොටසක්‌ ක්‍ෂුද්‍ර ජීවීන්ගේ ප්‍රහාරවලට ඔරොත්තු දීමට හැකිවන  පරිදි ශක්‌තිමත් කරන අතර ඉතිරිය මහා ක්‍ෂුද්‍ර ජීවීන්ට ගොදුරු වන පරිදි නිසරු කරන බවත් සඳහන්.
මේ අතර එළවළු කුලයට  අයත් ඇතැම් ශාක එකිනෙකා සමග අදහස්‌ හුවමාරු කර ගන්නා බව මෙයට පෙර කළ පර්යේෂණයකදී හෙළිවී තිබෙනවා. ශාක අනුභව කරන බඩගිනිකාර කෘමීන් ආසන්නයට එන විට ඒ බව සහෝදර ශාකවලට දැන්වීම සඳහා පත්‍ර තුළ තිබෙන රසායනික ද්‍රව්‍යන් මුදාහරින එළවළු වර්ග තිබෙන බව මෙම පර්යේෂණයේදී හෙළි වුණා. මේ පණිවුඩය ලද වහාම බඩගිනිකාරයන්ට අප්‍රිය හිතෙන පරිදි තමන් තුළින් රසායනික ද්‍රව්‍ය මුදාහැරීමට එම ශාක කටයුතු කරන බව විද්‍යාඥයින් සදහන් කරන්නේ.


Thursday, July 21, 2016

විශ්වයේ මෙතෙක් සොයා ගැනුණු ලාබාලතම ග්‍රහලෝකය ඇමරිකානු නාසා ආයතනයේ කෙප්ලර් දුරේක්ෂය මගින් අනාවරණ කරගෙන තිබෙනවා

විශ්වයේ මෙතෙක් සොයා ගැනුණු ලාබාලතම ග්‍රහලෝකය ඇමරිකානු නාසා ආයතනයේ කෙප්ලර් දුරේක්ෂය මගින් අනාවරණ කරගෙන තිබෙනවා.


වයස අවුරුදු බිලියන 5 ක් වන මෙම ග්‍රහලෝකය සූර්යග්‍රහ මණ්ඩලයෙන් පිටත තාරකාවක් වටා පරිභ‍්‍රමණය වන බවයි කෙප්ලර් දුරේක්ෂයේ ඡායාරූපවලින් හෙළි වී ඇත්තේ. 

බිහි වන මෙම නව ග්‍රහලෝකය නම් කර ඇත්තේ කේ ටී
 33බී ලෙසයි.

නාසා විද්‍යඥයින් පෙන්වාදෙන පරිදි මෙම ග්‍රහයා මඟින් සූර්යග්‍රහ පද්ධතියේ ජීවන චක්‍රය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

මෙම ග්‍රහලෝකය ප්‍රමාණයෙන් නෙප්චූන් ග්‍රහලෝකය පමණ වෙතැයි සැළකෙනවා.

ආලෝක වර්ෂ 500ක් දුරින් පිහිටි මෙම ග්‍රහයා තවමත් වර්ධනය වෙමින් පවතින බවයි එක්සර්ට විශ්ව විද්‍යාලයේ(Exeter University) ජ්‍යෙෂ්ඨ කථ්කාචාර්්‍ය සාෂා හින්ක්ලි(Sasha Hinkley) මහතා පැවසුවේ.
මෙලෙස වර්ධනය වෙමින් පවතින ග්‍රහලෝකයක් හඳුනා ගැනීමට අවස්ථාව ලැබීම ඉතාමත් දුර්ලභ අවස්ථාවක් බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මෙය වර්ධනය වූයේ දැනට පවතින ස්ථානයේද නැතහොත් වෙනත් ස්ථානයකද යන්න පිළිබඳ නාසා ආයතනය මේ වන විට පර්යේෂණ ආරම්භ කර තිබෙනවා.


පිටසක්වළ ජීවියෙකුගේ නිවසක් යැයි සැළකිය හැකි ඡායාරූපයක් මේ වන විට අන්තර්ජාලය වෙත නිකුත් කර තිබෙනවා

පිටසක්වළ ජීවියෙකුගේ නිවසක් යැයි සැළකිය හැකි ඡායාරූපයක් මේ වන විට අන්තර්ජාලය වෙත නිකුත් කර තිබෙනවා.ඒ නාසා අයතනය අගහරු වෙත යැවූ Spirit roverයානය නිකුත් කළ ඡයාරූපයක් මඟින්.

වසර 13ට පසුව එනම් පසුගිය ජූනි මස 29දා අඟහරු මත පරීක්ෂණ කටයුතු සඳහා Spirit rover  යානය අඟහරු වෙත යැවූ බව වාර්තා වෙනවා.
Spirit rover යානය නිකුත් කළ මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ අඟල් 6ක දොරක් වැනි කවුලුවක් ඇති නිවසක් යැයි කිව හැකි යමක් බවයි නාසා ආයතනය පවසන්නේ.
නාසා යානය මෙසේ මෙම නිවස අසළ පරීක්ෂණ කටයුතු වල නිරතව සිටින විට මෙම නිවසේ හිමිකරු යැයි සිතිය හැකි අඟල් පමණ වන ජීවියෙකු යානය දෙස ඔත්තු බලමින් සිටින අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද මේ වන විට අන්තර්ජාලය වෙත නිකුත් වී තිබෙනවා.

2003 ඔක්තෝම්බර් මස 19 වන දින චිලී හි ඇටකාමා කාන්තාරයෙන් අඟල් පමණ උස් වූ මිනිස් ස්වරූපයට සමාන ස්වරූපයක් ඇති ජීවියෙකුගේ ඇටසැකිල්ලක් සොයා ගැනීමට ඔස්කාර් මුනෝස් නම් පුද්ගලයෙකු සමත් වූ බව වාර්තා වුණා.
කෙසේ වෙතත් මෙම විශ්ලේශකයන් පවසන්නේ මෙම ඡායාරූප හා ඇටකාමා කාන්තාරයෙන් හමුවූ ඇටසැකිල්ල හා පැහැදිලි සම්බන්ධයක් තිබිය හැකි බවයි.


විදුලිබලයෙන් ක්‍රියාත්මක වන X – 57 හෙවත් ‘මැක්ස්වෙල්’ගුවන්යානය හඳුන්වාදීමට නාසා ආයතනය සමත්ව සිටිනවා

විදුලිබලයෙන් ක්‍රියාත්මක වන X – 57 හෙවත් මැක්ස්වෙල්ගුවන්යානය හඳුන්වාදීමට නාසා ආයතනය සමත්ව සිටිනවා.

ඉන් ගුවන් මගීන්ට සැලසෙන විශාල යහපතක් වන්නේ ගමනට ගතවන කාලය අඩු කර ගැනීමට හැකිවීමයි.
අඩු ඉන්ධන පරිභෝජනයේ වාසිය ලබාගැනීමට මෙම යානයෙන් හැකිවන බවයි පැවසෙන්නේ.
ගුවන්යානයේ පියාපත් 2 හි විදුලි මෝටර් 14ක් ස්ථාපිත කර ඇති අතර එමඟින් යානය ඉදිරියට පැදයාමට අවශ්‍ය ප්‍රචාලනය සපයන අතර මෙම තාක්ෂණය මැක්ස්වෙල්යානය මගින් අත්හදා බැලීමට ද නියමිතයි.
මැක්ස්වෙල් යානය ගුවන්යානා නිෂ්පාදන කර්මාන්තයේ නව යුගයක් සඳහා පළමු පියවර තැබීමක් ලෙස සැලකිය හැකියැයි නාසා ආයතනයේ පරිපාලක චාල්ස් බෝල්ඩන් පවසනවා.



අභ්‍යවකාශයේ සිට න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කළ හැකි නවතම ස්‌ටේල්ත් බෝම්බ යානාවක්‌ රුසියාව එළිදක්‌වයි

අභ්‍යවකාශයේ සිට න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කළ හැකි නවතම ස්‌ටේල්ත් බෝම්බ යානාවක්‌ රුසියාව එළිදක්‌වා තිබෙන බව වාර්තා වෙනවා.
මෙම යානාව 2020 වසරේ සිට අත්හදාබැලීමට නියමිත බවයි සඳහන් වන්නේ.
පැක්‌ඩා නමින් හඳුන්වන මෙම අධිවේගී යානාවට පැය 2 ක්‌ තුළ ලොව ඕනෑම ස්‌ථානයකට යැමට හැකියාව ඇති අතර එය ශබ්දයේ  වේගය මෙන් පස් ගුණයක් බවයි සඳහන් වන්නේ. එසේම මෙම යානාව රේඩාර් තිරයට අසුනොවීමද විශේෂත්වයක්.
 මෙහි එන්ජිම ආකාර 2 කින් ක්‍රියාත්මත වන අතර සාමාන්‍ය ධාවනයේදී ඉන්ධනද  අභ්‍යවකාශයේදී  ඔක්සිජන් හා මීතේන්  මඟින් එන්ජිමට බලය ලැබෙන බව සඳහන් වෙනවා.
 පොළවේ ඇති ඕනෑම ඉලක්කයක් වෙත පැය 2ක් ඇතුළත බෝම්බ හෙළීමේ හැකියාවක් මෙම යානයට පවතින බව  ඔවුන් පවසනවා.