ලොව නිෂ්පාදනය කරනු ලබන වාහනවල ආරක්ෂාව පිළිබඳ ශ්‍රේණිගත කිරීම් සිදුකරනු ලබන බ්‍රිතාන්‍ය සමාගමක් වන Global NCAP (Global New Car Assessment Programme)ආයතනය සිය නවතම වාර්තාවක් පසුගිය දා එළිදක්වනු ලැබීය.
ඊට අනුව ඉන්දියානු මෝටර් රථ පහක මගී ආරක්ෂාව පවතින්නේ ඉතාම පහළ මට්ටමක බව අවධාරණය කර තිබෙනවා.
මෝටර් රථවල ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරන ලද තරු (Star) ශ්‍රේණිගත කිරීම්වල දී මෙම වාහන වර්ග 5 ට කිසිදු තරුවක් හිමි වී නොතිබීම මෙහි ඇති වඩාත් විමසිලිමත් විය යුතු තත්ත්වයක්.
මෙලෙස මගී ආරක්ෂාව බිංදුවට දමා ඇති මෝටර් රථ පහ වනුයේ Renault Kwid, Maruti Suzuki Celerio, Maruti Suzuki Eeco, Mahindra Scorpio සහ Hyundai Eon යන මෝටර් රථ වර්ග පහයි.
මීට පෙර අවස්ථාවකදී ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු කරන ලද මෙම තරු ශ්‍රේණිගත කිරීම් වලදී තරු 4 ක් හිමි කර ගැනීමට ඉන්දීය මෝටර් රථ 3 ක් සමත් වුණා.ඒ Etios,Liva සහ Etios Cross යන මෝටර් රථ සඳහායි.
No comments:
Post a Comment