ලන්ඩනයේ ජාතික කලා ගාරයේ සේවකයින් පිරිසක් ලොව විශාලතම සජීවි සිතුවම නිර්මාණය කිරීමට සමත්ව සිටිනවා.
මෙම නිර්මාණය සඳහා සැබෑ මල් 26,430 භාවිතා කර ඇති බවයි සඳහන් වන්නේ.සැබෑ මල් යොදා නිර්මාණය කළ මෙම සිතුවම පින්තාරු කළ මල් බඳුනක් ලෙසයි.
ලිලී, රෝස, කානේෂන්, ටියුලිප් යන මල් වර්ග මෙම නිර්මාණය සදහා යොදාගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.
මෙහිදී ටියුලිප් වර්ග 6ක් ද, කානේෂන් වර්ග 3 ක් ද, ලිලී වර්ග 6 ක් ද, රෝස වර්ග 6 ක් ද භාවිතා කර ඇති බවටයි දැක්වෙන්නේ.
සිතුවමේ ගැඹුරු බව සහ සෙවනැලි මතු කිරීම සඳහා එකිනෙකට වෙනස් වර්ණ 37 ක් යොදා ගත් බවට නිර්මාණ ශිල්පියෝ සඳහන් කරනවා.
No comments:
Post a Comment