ලොව සුපිරිතම පරිගණකය නිෂ්පාදනය කිරීමේ තරඟයෙන් චීනය ඉදිරියට පැමිණ තිබෙනවා.ලෝකයේ ප්‍රබලතම පරිගණක 500යේ ලැයිස්තුව දැන් එළිදැක ඇති අතර එහිදී මුල්තැන හිමි වී ඇත්තේ චීනයේ නව සුපිරි පරිගණකයටයි.
උපරිම ධාරිතාවයෙන් ක්‍රියාකිරීමේදී මෙම පරිගණකයට තත්ත්පරයකදී ගණනයන් ටි‍්‍රලියන 93,000ක් සිදුකළ හැකි බවයි ඔවුන් පවසන්නේ.
මෙය මීට පෙර මෙම ලැයිස්තුවේ මුල්තැන ගත් තවත් චීන සුපිරි පරිගණකයට වඩා දෙගුණයක් වේගවත් සහ තුන්ගුණයක් කාර්යයක්ෂම බවයි වාර්තා වන්නේ.
මෙවර ප්‍රථම වරට ප්‍රබලතම පරිගණක ලැයිස්තුවේදී ද ඇමරිකාව අභිබවා යාමට චීනය සමත් වුණා. එම ලැයිස්තුවේ පරිගණක 167ක් චීනයේ නිෂ්පාදිත පරිගණක වන අතර, පරිගණක 165ක් ඇමරිකාවේ නිෂ්පාදිත ඒවායි.
No comments:
Post a Comment