උද්භිද විද්‍යාවට සම්බන්ධ අගනා දත්තයක් ජර්මනියේ Gottingen විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්‌ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා. ඒ Barberry නම් ශාක විශේෂයක් සම්බන්ධයෙන්.
පර්යේෂණ කණ්‌ඩායමට අයත් ආචාර්ය Kartin Meyer විසින් Barberry ශාකයේ ඇති විශේෂිත හැකියාවක් අනාවරණය කරගෙන තිබෙනවා.මෙම විශේෂිත හැකියාව ඔවුන්ට දැන ගැනීමට ලැබුණේ එම ශාක පවුලටම අයත් Oregon Grape ශාකයේ ප්‍රතිශක්‌තිකරණ හැකියාව ගැන සොයා බැලීමේ පර්යේෂණයකදී බවයි සඳහන් වන්නේ.
Oregon Grape ශාකය නිතරම ක්‍ෂුද්‍ර ජීව ප්‍රහාරවලට ලක් වුණු අතර Barberry ශාකය එසේ නොවන බවට පෙනී ගියා. ඒ අනුව ජර්මනිය පුරාම තිබෙන Barberry ශාක වර්ග 2000 ක් සොයාගෙන ඒවා ක්‍ෂුද්‍ර ජීවී ප්‍රහාරවලට ලක්‌වීමේ සම්භාවිතාව සොයාබැලීමට විද්‍යාඥයින් යොමු වුණා.
Barberry ඵලය තුළ තිබෙන බීජ සරු බීජ කරනවාද එහෙමත් නැත්නම් නිසරු බීජ කරනවාද යන තීන්දුව ගැනීමටත් ඒ අනුව කටයුතු කිරීමටත් Barberry ගසට හැකියාව පවතින බව විද්‍යාඥයින් අනාවරණය කළා. ඒ අනුව මේ ශාකය තම බීජ වලින් කොටසක් ක්‍ෂුද්‍ර ජීවීන්ගේ ප්‍රහාරවලට ඔරොත්තු දීමට හැකිවන පරිදි ශක්‌තිමත් කරන අතර ඉතිරිය මහා ක්‍ෂුද්‍ර ජීවීන්ට ගොදුරු වන පරිදි නිසරු කරන බවත් සඳහන්.
මේ අතර එළවළු කුලයට අයත් ඇතැම් ශාක එකිනෙකා සමග අදහස් හුවමාරු කර ගන්නා බව මෙයට පෙර කළ පර්යේෂණයකදී හෙළිවී තිබෙනවා. ශාක අනුභව කරන බඩගිනිකාර කෘමීන් ආසන්නයට එන විට ඒ බව සහෝදර ශාකවලට දැන්වීම සඳහා පත්‍ර තුළ තිබෙන රසායනික ද්‍රව්‍යන් මුදාහරින එළවළු වර්ග තිබෙන බව මෙම පර්යේෂණයේදී හෙළි වුණා. මේ පණිවුඩය ලද වහාම බඩගිනිකාරයන්ට අප්‍රිය හිතෙන පරිදි තමන් තුළින් රසායනික ද්‍රව්‍ය මුදාහැරීමට එම ශාක කටයුතු කරන බව විද්‍යාඥයින් සදහන් කරන්නේ.
No comments:
Post a Comment