සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කරන්නන්ගේ මානසික මට්ටම සැකසීම සඳහා ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවිය නවතම උපාංගයක් (tool)හඳුන්වා දී තිබෙනවා.
එය දැනට වලංගු වන්නේ ඉන්දියාව හා ඇමරිකාවට පමණයි. එය හඳුන්වා දීමක් වශයෙන් එම රටවල් දෙක තුළ ආරම්භ කර තිබෙනවා. ජීවිතේ මුහුණ දෙන ප්‍රශ්ණ නිසා සිය දිවි හානි කර ගනිමින් ප්‍රශ්ණ වලින් මිදීමට උත්සාහ දරන්නන්ගේ මානසික තත්ත්වය සැකසීමේ අරමුණින් සැකසූ මෙම උපාංගය ඉදිරියේදී ලංකාවටද හඳුන්වා දෙනු ඇතැයි විශ්වාස කෙරේ.ඒ ශ්‍රී ලංකාවද සියදිවි නසා ගැනීම් අතර සිව් වැනි ස්ථානයේ සිටින බැවිනි.
සිය දිවි නසා ගැනීම සඳහා තීරණය කළ අයෙකුගේ මානසිකත්වය මෙම උපාගය තුළින් යම් දුරකට හෝ සැකසිය හැකි බව මොවුන් විශ්වාස කරනවා.
සිය දිවි නසා ගැනීම් වලට යොමු වන හේතු ප්‍රශ්ණ ආකාරයට මෙම උපාංගය තුළින් ඇසීම සිදු කරනවා.ඒ තුළින් තම ජීවිතයේ වටිනාකම පිළිබද අදහසක් ලබා දීම සිදු කරනවා.
මෙම උපාංගය හඳුන්වා දීමේ කටයුතු ආරම්භ කළේ පසුගිය පෙබරවාරි මාසයේදී ය.මෙම ෆේස් බුක් උපාංගය පිළිබඳ බොලිවුඩයේ සුපිරි නිළියක් වන දීපිකා ද අදහස් දක්වා තිබුණා. ඒ ඇයද සිය දිවි හානි කර ගැනීමට තරම් දරුණු මානසික පීඩනයකින් පසු වුණ නිසා බව ඇය ඇගේ නිළ ට්විටර් ගිණුම හරහා ප්‍රකාශ කර තිබෙනවා.
No comments:
Post a Comment