විශ්වයේ මෙතෙක් සොයා ගැනුණු ලාබාලතම ග්‍රහලෝකය ඇමරිකානු නාසා
ආයතනයේ කෙප්ලර් දුරේක්ෂය මගින් අනාවරණ කරගෙන තිබෙනවා.
වයස අවුරුදු බිලියන 5 ක් වන මෙම ග්‍රහලෝකය සූර්යග්‍රහ මණ්ඩලයෙන් පිටත තාරකාවක් වටා පරිභ‍්‍රමණය වන
බවයි කෙප්ලර් දුරේක්ෂයේ ඡායාරූපවලින් හෙළි වී ඇත්තේ.
බිහි වන මෙම නව ග්‍රහලෝකය නම් කර ඇත්තේ කේ ටී 33බී ලෙසයි.
නාසා විද්‍යඥයින් පෙන්වාදෙන පරිදි මෙම ග්‍රහයා මඟින් සූර්යග්‍රහ පද්ධතියේ ජීවන චක්‍රය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.
බිහි වන මෙම නව ග්‍රහලෝකය නම් කර ඇත්තේ කේ ටී 33බී ලෙසයි.
නාසා විද්‍යඥයින් පෙන්වාදෙන පරිදි මෙම ග්‍රහයා මඟින් සූර්යග්‍රහ පද්ධතියේ ජීවන චක්‍රය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.
මෙම ග්‍රහලෝකය ප්‍රමාණයෙන් නෙප්චූන් ග්‍රහලෝකය පමණ වෙතැයි
සැළකෙනවා.
ආලෝක වර්ෂ 500ක් දුරින් පිහිටි මෙම ග්‍රහයා තවමත් වර්ධනය වෙමින්
පවතින බවයි එක්සර්ට විශ්ව විද්‍යාලයේ(Exeter University) ජ්‍යෙෂ්ඨ කථ්කාචාර්්‍ය
සාෂා හින්ක්ලි(Sasha Hinkley) මහතා පැවසුවේ.
මෙලෙස වර්ධනය වෙමින් පවතින ග්‍රහලෝකයක් හඳුනා ගැනීමට අවස්ථාව ලැබීම
ඉතාමත් දුර්ලභ අවස්ථාවක් බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මෙය වර්ධනය වූයේ දැනට පවතින ස්ථානයේද නැතහොත් වෙනත් ස්ථානයකද යන්න
පිළිබඳ නාසා ආයතනය මේ වන විට පර්යේෂණ ආරම්භ කර තිබෙනවා.
No comments:
Post a Comment